- සෑම සිසු සිසුවියකම පාසල් පැමිණීම සඳහා නිවසින් පිටත් වීමට පෙර දෙගුරුන් පා වැඳිය යුතුය.
- සියලු සිසු සිසුවියන් පාසල පවත්වනු ලබන සෑම දිනකම පාසල ආරම්භ වීමට ප්‍රථම, එනම් පෙරවරු 15 ට පෙර පාසලට පැමිණ සිටිය යුතුය.
- සම්පූර්ණ පාසල් නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.
- පෙ.ව. 07. 15 ට පෙර සෑම සිසු සිසුවියකම නියමිත පිරිසිඳු කිරීමේ කටයුතු අවසන් කළ යුතුය.
- සෑම දිනකම අප විදුහලෙහි ගුරු භවතකු ඔබගේ ඉදිරියට හමුවන පළමු අවස්ථාවේදී “ good morning” හෝ “ ආයුබෝවන් ” වැනි සුබ පැතුමකින් සංග්‍රහ කළ යුතුය.
- පාසල ආරම්භ කිරීමේ දෙවන සීනුව නාද කිරීමෙන් අනතුරුව පන්ති මට්ටමින් පෙළ ගැසී තුන්වන සීනු නාදය අනුව උදෑසන රැස්වීමට පැමිණිය යුතුය.
- පන්තියට ගුරුභවතෙකු පැමිණෙන විට හා පිටව යන විටත් වහාම අසුනින් නැගිට සුදුසු සුබ පැතුමකින් ගෞරව කළ යුතුය.
- පාසල් කාලය තුළ පාසලෙහි නාද කරන සීනුවට අවනත විය යුතුය.
- සිසුන් කීප දෙනෙකු එක්ව ගමන් කරන සෑම මොහොතකම “ අයෙක් පසුපස අයෙක්” යන ආකාරයෙන් පෙළ සැදී ගමන් කළ යුතුය.
- විදුහලෙහි තම සොයුරු සොයුරියන්ට ආමන්ත්‍රණය කරන සෑම විටම නමට අමතරව අයියා/ මල්ලී, අක්කා/ නංගී වැනි සහෝදරත්වය ප්‍රකාශ වන ආමන්ත්රණ පදයක් යෙදිය යුතුය.
- පඩිපෙළක් හෝ ආලින්දයක් වැනි පටු ඉඩක් සහිත ස්ථානයකින් ගමන් කරන සෑම විටම විරුද්ධ දෙසින් පැමිණෙන අයට ඉඩ තබා තම දකුණු අත පැත්තේ නියමිත සීමාවේ ගමන් කළ යුතුය.
- ගුරුවරයකුගේ අවසරය මත පමණක් පන්ති කාමරයෙන් පිටතට යා හැකි අතර පාසලෙන් බැහැරව යාමට විදුහල්පති හිමියන් වෙතින් විශේෂ අවසරයක් ලබා ගත යුතුය.
- විද්‍යාලයේ ඇති ආපන ශාලාවට යාමට වුවද අවසර ඇත්තේ විවේක කාලය තුළ පමණි.
- විවේකයක් ලද සෑම විටම පොත පත කියවීම, කිසියම් වගා කටයුත්තක යෙදීම වැනි ප්‍රයෝජනවත් කාර්යයක නියැලිය යුතුය.
- දිනපතා පාසලට රැගෙන එන පොත්පත් හා නියමිත විෂයයන්ට අදාල අතිරේක පොත්පත් ආදිය මිස අදාල නොවන වෙනත් කිසිවක් ගුරුවරයෙකුගේ අනුදැනුමකින් තොරව පාසලට රැගෙන ඒම සපුරා තහනම් වේ.
- පාසල අවසන් කිරීම සඳහා සීනුව නාද කිරීමෙන් පසුව තුන්වන සීනු නාදයට ඡත්ත මානවක ගාථා ගායනය කොට ගුරුන් පා වැඳ පන්ති මට්ටමින් පෙළ සැදී පාසලෙන් පිටව යා යුතුය. පාරට පිවිසුනු පසු පාරේ තමාගේ දකුණු පස අයිනෙන් ගමන් කළ යුතුය.
- පාසල පවත්වන යම් දිනක පාසලට පැමිණීමට නොහැකි වූයේ නම් ඊට හේතු මව, පියා හෝ භාරකරු ලවා අත්සන සහිතව ශිෂ්‍ය වාර්තා පොතෙහි සටහන් කරවා පන්ති භාර ගුරු භවතා වෙත ඉදිරිපත් කළ යුතුය.
- පාසල තුළට පොලිතින් වර්ගවල දවටන යෙදූ පාර්සල් රැගෙන ඒම සපුරා තහනම් වෙය්. ටොපි දවටනයක් තරම් වත් පොලිතින් කෑල්ලක් පාසල් භූමිය තුළ දැමීම වරදකි.
- සෑම සිසු සිසුවියක්ම විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට කීකරු විය යුතුය. ගරු කළ යුතුය. සෑම විටම නායකත්වයට අවනත විය යුතුය.
- සියලු සිසු සිසුවියන් පාසල තුළදී මෙන්ම ඉන් පිටතදීත් පාසලෙහි අභිමානය සුරැකිය යුතුය. බාහිර පුද්ගලයන් ඉදිරියේ දී පාසල අපකීර්තියට ලක් වන සේ හැසිරීම හෝ කථා කිරීම නොකළ යුතුය. පාසල තම ආදරණීය මව මෙන් සැලකිය යුතුය.
- සියලුම සිසු සිසුවියන් පාසල සතු සම්පත් ආරක්ෂා කිරීමටත් සියලු විනය නීති පිළිපැදීමටත් වගකීමෙන් බැඳී සිටින බව නිතර සිහි තබා ගත යුතුය.
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති