පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (10-13)
ශිෂ්‍යන්ගේ නිල ඇඳුම:-10 ශ්‍රේණියට පහළ සිසුන් නිල් කොට කලිසම සහ අත් කොට සුදු කමිසය ද 10 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන් සුදු අත් කොට කමිසය සහ සුදු දිග කලිසම ද භාවිත කළ යුතුය.කළු සපත්තු, කළු මේස් පැළඳිය යුතුය.
ගැහැණු ළමුන් (1-13)
- ශිෂ්‍යාවන්ගේ පාසල් නිල ඇඳුම :-
- සුදු ගවුම දණින් පහළට අඟල් දෙකක් වත් දික් විය යුතුය. නිල ලාංඡනය අනිවාර්ය වන අතර සුදු සපත්තු, සුදු මේස් පමණක් පැළඳිය යුතුය.
- නිල ලාංඡන අනිවාර්ය වන අතර වෙනත් පළඳනාවන් නොපැළඳිය යුතුය.
- ශිෂ්‍යාවන්ගේ කොණ්ඩය උරහිස තෙක් දිගු වේ නම් නිසි පරිදි පීරා කරල් දෙකක් වන සේ ගොතා රතු පැහැ රිබන් පටි මඟින් ගැට ගැසිය යුතුය. වර්ණවත් කොණ්ඩා කටු හෝ වෙනත් පළඳනා තහනම් වේ. කරාබු හැර වෙනත් කිසිඳු ආභරණයක් පැළඳීමෙන් වැළකිය යුතු අතර එල්ලා වැටෙන තෝඩු වැනි කරාබු පැළඳීමට අවසර නොලැබේ.